Home » හෙරො­යින් සන්ත­කයේ තබා­ගත් පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට

හෙරො­යින් සන්ත­කයේ තබා­ගත් පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට

by damith
June 8, 2024 1:15 am 0 comment

හාලි­ඇළ සමූහ- ආර්.එම්. විජේ­රත්න

නීති විරෝධී හෙරො­යින් මත් කුඩු මිලි­ග්‍රෑම් 5,220ක් ළඟ තබා ගැනීම සම්බ­න්ධ­යෙන් සැක­පිට පුද්ග­ල­යකු බදුල්ල පොලිස් වස­මට අයත් බදු­ලු­පි­ටිය ප්‍රදේ­ශ­යේදී බදුල්ල පොලි­සියේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් පෙරේදා (6) රාත්‍රියේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ග්‍රීන්ලේ­න්ඩ්‍ර­යිව්, බදු­ලු­පි­ටිය, බදුල්ල යන ලිපි­නයේ පදිංචි 28 හැවි­රිදි අයෙකි.

පොලි­සි­යට ලැබුණු තොර­තු­රක් මත සිදු කළ හදිසි වැට­ලී­ම­කින් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර සැක­කරු හා භාණ්ඩ ඊයේ (7) දින අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි. බදුල්ල පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT