Home » ලක්ෂ 60ක ගජ­මු­තු­වක් විකු­ණන්න යද්දී කොටු

ලක්ෂ 60ක ගජ­මු­තු­වක් විකු­ණන්න යද්දී කොටු

by damith
June 8, 2024 1:17 am 0 comment

ගම්පහ දිස්ත්‍රික් විශේෂ - සිසිල ගුණ­ති­ලක

රුපි­යල් ලක්ෂ 60ක් වටිනා ග්‍රෑම් 12 මිලි­ග්‍රෑම් 60ක් බරැති ගජ­මු­තු­වක් ව්‍යාපා­රි­ක­ය­කුට විකි­ණී­මට අනු­රා­ධ­පුර කිර­ලෝ­ගම ප්‍රදේ­ශයේ සිට දිවු­ල­පි­ටි­යට පැමිණි පුද්ග­ල­යකු දිවු­ල­පි­ටිය නග­ර­යේදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට දිවු­ල­පි­ටිය දූෂණ මර්දන අංශයේ නිල­ධා­රීහු සමත් වූහ.

පොලි­සි­යට ලද තොර­තු­රක් මත මෙම වැට­ලීම සිදු කෙරිණි. මෙම අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු අවු­රුදු 26ක් වන අනු­රා­ධ­පු­රය තලා­කො­ළ­වැව කිර­ලෝ­ගම පදිං­චි­ක­රු­වෙකි.

සැක­කරු මිනු­ව­න්ගොඩ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණ.

මීග­මුව කොට්ඨාස භාර පොලිස් අධි­කාරී එරික් පෙරේරා සහ සහ­කාර පොලිස් අධි­කාරී මීග­මුව IV එදි­රි­සිංහ යන මහ­ත්ව­රුන්ගේ අධී­ක්ෂ­ණය යටතේ දිවු­ල­පි­ටිය පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චන්ද්‍ර­සිරි හිරි­යා­දෙ­ණිය මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක නිහාල් දිසා­නා­යක, පොලිස් සැර­යන් සුමේධ (49223), පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන සෙනෙ­වි­රත්න (92830), මධු­ෂංක (24625) යන නිල­ධා­රීහු වැට­ලී­මට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT