Home » පහළ කඩුගන්නාව කොටස හෙට දක්වා වැසේ

පහළ කඩුගන්නාව කොටස හෙට දක්වා වැසේ

by chanaka
June 8, 2024 9:40 pm 0 comment

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද (08) පස්වරු 7.30 සිට හෙට (09) අලුයම 01 දක්වා තාවකාලිකව වසා දැමීමට පියර ගෙන තිබේ.

ඒ අනුව රියදුරන්ට දැනුම්දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන වරකාපොළ, අ‍ඹේපුස්ස හන්දියෙන් වමට හැරී කුරුණෑගල මාර්ගය ඔස්සේ මහනුවරට ලඟාවීමේ හැකියාව පවතී.

පොලීසිය පවසන්නේ ඊට අමතරව කෑගල්ල කරඬුපන හරහා රඹුක්කන හා මාවනැල්ල නගරයෙන් රඹුක්කන නගරයට පිවිස හතරලියැද්ද මාර්ගය ඔස්සේ ගලගෙදර හරහා මහනුවරට ළඟාවිය හැකි බවය.

එමෙන්ම මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගය ඔස්සේද මහනුවරට ළඟාවීමේ හැකියාව පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT