Home » මිය­න්මා­රයේ නව ශ්‍රී ලංකා තානා­ප­තිනි ප්‍රභා­ෂිණී රාජ­කාරී වැඩ අර­ඹයි

මිය­න්මා­රයේ නව ශ්‍රී ලංකා තානා­ප­තිනි ප්‍රභා­ෂිණී රාජ­කාරී වැඩ අර­ඹයි

by damith
June 8, 2024 1:03 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

මිය­න්මා­රයේ නව ශ්‍රී ලංකා තානා­ප­තිනි ප්‍රභා­ෂිණී පොන්න­ම්පෙ­රුම මහ­ත්මිය ධුරයේ රාජ­කාරි කට­යුතු නිල වශ­යෙන් ආරම්භ කර තිබේ. යැංගෝන්හි පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලයේ දී පොන්න­ම්පෙ­රුම මහ­ත්මිය වැඩ භාර­ගෙන ඇති බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

රාජ­කාරී ආරම්භ කිරී­මෙන් පසු තානා­පති කාර්යාල කාර්ය මණ්ඩ­ලය අම­ත­මින් නව තානා­ප­ති­නිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා – මිය­න්මාර දිගු­කා­ලීන මිත්‍ර­ත්වය ශක්ති­මත් කිරී­මට තමන් කැප වන බවයි. ශ්‍රී ලංකාව සහ මිය­න්මා­රය අතර සබ­ඳතා ථෙර­වාදී බුදු­ද­හම මත පද­නම් වන බව ද ඒ මහ­ත්මිය සඳ­හන් කර ඇත. අන්‍යෝන්‍ය ප්‍රති­ලාභ සඳහා දෙරට අතර ආර්ථික, දේශ­පා­ල­නික සහ සංස්කෘ­තික සබ­ඳ­තාව වැඩි­දි­යුණු කිරීමේ අව­ශ්‍ය­තාව ද ඇය අව­ධා­ර­ණය කර තිබේ.

තානා­ප­තිනි ප්‍රභා­ෂිනී පොන්න­ම්පෙ­රුම මහ­ත්මිය විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ සහ විදේ­ශ­යන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩ­ල­වල විවිධ තන­තුරු දැරූ ශ්‍රී ලංකා විදේශ සේවයේ වසර 21කට වැඩි සේවා කාල­යක් සහිත වෘත්තීය විදේශ සේවා නිල­ධා­රි­නි­යක් මෙන්ම ශ්‍රී ලංකාවේ කීර්ති­මත් රාජ්‍ය තාන්ත්‍රික නිල­ධා­රි­නි­යකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT