සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ කුකුල් චමින්ද නැමැත්තා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශය මතයි.
කෙසේවෙතත් බන්ධනාගාර පරිශ්‍රය තුළදී සැකකරුට පහරදීමක් සිදුවී නැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේය.
වැලිඔය ප්‍රදේශයේ සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදුන් සැකකරු පසුගියදා පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණි.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව M.K චමින්ද නොහොත් කුකුල් චමින්ද ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කළේය.
ඒ අනුව සැකකරු අනුරාධපුර බන්ධනාගාරයට පසුගිය 05 වනදා යොමුකෙරුණු අතර ජුනි 06 වනදා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකර තිබුණි.
එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසා තිබුණේ, සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන ලෙසය.
පසුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශ මත සැකකාර කුකුල් චමින්ද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.