Monday, April 21, 2025
Home » සද කක්ෂයට ගිය මිනිසා ගුවන් අනතුරකින් මරුට

සද කක්ෂයට ගිය මිනිසා ගුවන් අනතුරකින් මරුට

by chanaka
June 8, 2024 9:13 pm 0 comment

කුඩා ගුවන්යානයක් වොෂින්ටන් හිදී කඩාවැටී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් මියගොස් ඇත.

අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් වාර්තා අතරට එක්වන්නේ 1968 වසරේ ඇපලෝ 08 මෙහෙයුම යටතේ සඳේ කක්ෂයට ඇතුළු වූ ගගනගාමීන් තිදෙනාගෙන් අයෙක් ලෙසය.

මියයන විට විලියම් ඇන්ඩර්ස්ගේ වයස අවුරුදු 90ක් වන අතර අභ්‍යවකාශයේ සිට ගත් පෘථිවියේ වඩාත්ම ආශ්වාදජනක ඡායාරූපයක් වන ‘පෘථිවිය පායන අයුරු’Earthrise ඡායාරූපය කැමරාවට හසුකරගෙන ඇත්තේද විලියම් ඇන්ඩර්ස් ය.

එම ඡායාරූපය සැලකෙන්නේ ඇපලෝ 08 අභ්‍යවකාශ මෙහෙයුමට ඔහුගෙන් හිමිවූ විශාලතම දායකත්වය ලෙසය.

1968 වසරේදී ටයිම්ස් සඟරාව ඔහු වසරේ මිනිසා ලෙසද නම් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT