Thursday, July 4, 2024
Home » ආහාර මඟින් ව්‍යාප්ත වන බැක්ටී­රියා වසං­ග­ත­ය­කින් බ්‍රිතා­න්‍යයේ පුද්ග­ල­යෝ 37ක් රෝහ­ල්ගත කෙරෙති

ආහාර මඟින් ව්‍යාප්ත වන බැක්ටී­රියා වසං­ග­ත­ය­කින් බ්‍රිතා­න්‍යයේ පුද්ග­ල­යෝ 37ක් රෝහ­ල්ගත කෙරෙති

by damith
June 8, 2024 1:15 am 0 comment

ඊ කොලි නමැති බැක්ටී­රියා වර්ග­යක් පැති­රීම හේතු­වෙන් බ්‍රිතා­න්‍යයේ විවිධ පළා­ත්වල රෝගී වූ පුද්ග­ල­යන් 37 දෙනකු රෝහ­ල්ගත කර ඇතැයි ද, එය වසං­ග­ත­යක් බවට පත්වෙ­මින් තිබෙන බවද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආර­ක්ෂක ඒජ­න්සිය ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඊ කොලි බැක්ටී­රියා වර්ගය ආහාර මගින් ව්‍යාප්ත වී ඇතැයි අනු­මාන කළද, එය කිනම් ආහාර වර්ග­ය­කින් ව්‍යාප්ත වන්නේ­දැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආර­ක්ෂක ඒජ­න්සිය හෙළි කර නැති බවත් එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එම ආහාර වර්ග­යෙන් ව්‍යාප්ත වූ ඊ කොලි බැක්ටී­රි­යාව ආසා­දන වූ පුද්ග­ල­යන් 113 දෙනකු දැනට හඳු­නා­ගෙන ඇතැයි ද, එම බැක්ටී­රි­යාව අවු­රුදු 2 සිට අවු­රුදු 79 අතර වයස් කාණ්ඩයේ පුද්ග­ල­යන්ට ආසා­දනය වී ඇතැයි හෙළිවූ බවද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආර­ක්ෂක ඒජ­න්සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. මේ අතු­රින් වැඩිම රෝගීන් සංඛ්‍යා­වක් වාර්තා වී ඇත්තේ එංග­ල­න්ත­යෙන් බවත්, එය ප්‍රමා­ණ­යෙන් 81ක් බවත් වාර්තා වේ. මීට අම­ත­රව වේල්ස­යෙන් 18 දෙනකු, ස්කොට්ල­න්ත­යෙන් 13 දෙනකු සහ උතුරු අය­ර්ල­න්ත­යෙන් එක් රෝගි­යකු බැගින් හඳු­නා­ගෙන ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

උද­රයේ ආබාධ සහ උණ තත්ත්වය ඊ කොලි බැක්ටී­රියා ආසා­ද­නයේ රෝග ලක්ෂණ වන අතර, එම රෝග ලක්ෂණ සති දෙකක කාල­යක් පව­තින බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආර­ක්ෂක ඒජ­න්සිය සඳ­හන් කර ඇති අතර, ජීවිත අව­දා­නම සහිත වකු­ගඩු ආශ්‍රිත රෝගී තත්ත්ව­යක් එම­ගින් සිදු­වී­මට ඉඩ ඇතැයි ද අන­තුරු අඟවා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x