Home » අග­මැති මෝදි හෙට දිවුරුම් දෙයි

අග­මැති මෝදි හෙට දිවුරුම් දෙයි

by damith
June 8, 2024 1:20 am 0 comment

ඉන්දි­යාවේ නව අග­මැ­ති­ව­රයා ලෙස හිටපු අග­මැති තුන්වැනි වර­ටත් හෙට (9) දිව්රුම් දෙමින් ඉන්දි­යාවේ 18 වැනි පාර්ලි­මේ­න්තුවේ වැඩ­ක­ට­යුතු ආරම්භ කරන බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දි­යාවේ නව රජ­යක් පිහි­ටු­වී­මට ඊයේ එරට ජනා­ධි­ප­ති­නිය ද්‍රව්පදි මුර්මු නිල වශ­යෙන් භාර­තීය ජනතා පක්ෂයේ සහ ජාතික ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සන්ධා­නයේ නායක නරේන්ද්‍ර මෝදිට ඇරි­යුම් කළ බවද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. හෙට පස්වරු 6.00ට එම දිව්රුම් දීමේ උත්ස­වය නව­දිල්ලි නුවර රාෂ්ට්‍ර­පති භවාන් නිල ජනා­ධි­පති මන්දි­ර­යේදී සිදු කිරී­මට නිය­මිත බව එම සන්ධා­නයේ ජ්‍යෙෂ්ඨ නාය­ක­යකු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. අග­මැති මෝදිගේ දිව්රුම් දීමේ උත්ස­වය අත­ර­තුර නව රජයේ කැබි­නට් මණ්ඩ­ල­යත් දිව්රුම් දිමට නිය­මි­තය.

මෙවර ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණ­යේදී තනි පක්ෂ­යක් ලෙස භාර­තීය ජනතා පක්ෂය ආසන 240ක ජය තහ­වුරු කර­ගත් අතර, රජ­යක් පිහි­ටු­වී­මට අවශ්‍ය ආසන 272ක සම්පූර්ණ කිරී­මට භාර­තීය ජනතා පක්ෂය සමඟ සන්ධා­න­ගත වූ චන්ද්‍ර­බාබු නායි­දුගේ නාය­ක­ත්ව­යෙන් යුතු තෙළිඟු දේසම් පක්ෂය සහ නිතිෂ් කුමාර්ගේ නාය­ක­ත්ව­යෙන් යුතු ජනතා දාල් (එක්සත්) පක්ෂය ඇතුළු පක්ෂ කිහි­ප­යක සහාය ලැබී ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ. අාන්ද්‍රා ප්‍රාන්ත­යෙන් ආසන 16ක් ජය­ගත් තෙළිඟු දේසම් පක්ෂ­යට නව රජයේ අමා­ත්‍ය­ධුර 5ක් අවශ්‍ය බවට සහ ආසන 12ක් ජය­ගත් ජනතා දාල් (එක්සත්) පක්ෂ­යට අමා­ත්‍ය­ධුර 3ක් අවශ්‍ය බවට එම පක්ෂ­වල නාය­ක­යන් අග­මැ­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි බවත්, දෙදි­නක් පුරා පැවැති සාකච්ඡා වට කිහි­ප­ය­කින් පසු එම ගැට­ලුව විසඳා ගැනී­මට පක්ෂ නාය­ක­යන්ට හැකි වූ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT