Home » මෝදිට බයි­ඩ්න්ගෙන් දුර­ක­තන ඇම­තු­මක්

මෝදිට බයි­ඩ්න්ගෙන් දුර­ක­තන ඇම­තු­මක්

by damith
June 8, 2024 1:19 am 0 comment

ඉන්දි­යාවේ නව අග­මැ­ති­ව­රයා ලෙස තුන්වැනි වර­ටත් පත් වූ නරේන්ද්‍ර මෝදිට අමෙ­රි­කාවේ ජනා­ධි­පති ජෝ බයිඩ්න් දුර­ක­තන ඇම­තු­මක් ලබා දී සුබ පතා ඇතැයි ද, ඉන්දි­යාව සහ අමෙ­රි­කාව අතර සහ­යෝ­ගි­තාව ගෝලීය යහ­පත උදෙසා අඛණ්ඩ බල­පෑ­මක් වන බව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගි­යදා නිමා­වට පත්වූ ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් භාර­තීය ජනතා පක්ෂය ඇතුළු ජාතික ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සන්ධා­නය පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය අත්කර ගත්තේය.

ඉන්දීය ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පැස­සු­මට ලක්වීම ඉහ­ළින් අගය කරන බව බයිඩ්න් සමඟ පැවැති දුර­ක­තන සංවා­ද­යෙන් පසු එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇති අතර, දෙරට අතර සහ­යෝ­ගී­තාව මනුෂ්‍ය යහ­පත වෙනු­වෙන් ගෝලීය බල­යක් බවට පත්වනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බව සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඉදිරි වසර කිහි­ප­යේදී අමෙ­රි­කාව සහ ඉන්දි­යාව අතර සම්බ­න්ධ­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට අවශ්‍ය පිය­වර ගැනී­මට නිය­මිත බවද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT