Home » විදේශ රාජ්‍ය ඇමති මියන්මාරයට

විදේශ රාජ්‍ය ඇමති මියන්මාරයට

by chanaka
June 8, 2024 9:08 pm 0 comment

මියන්මාරයේ ත්‍රස්ත කඳවුරු 03ක රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කරගැනීම සඳහා අද (08) රාත්‍රියේ එරටට යන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තායිලන්ත රජය සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ ඇති ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් රඳවාගෙන විවිධ පරිගණක අපරාධ සඳහා යොදා ගනිමින් සිටින බව මීට කිහිපයකට පෙර අනාවරණය විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT