Thursday, July 4, 2024
Home » චරිත්මා දිය­ණි­යට මැතිසබේ ප්‍රණා­මය පිරි­නැ­මිය යුතුයි

චරිත්මා දිය­ණි­යට මැතිසබේ ප්‍රණා­මය පිරි­නැ­මිය යුතුයි

by damith
June 8, 2024 1:16 am 0 comment

ගංව­තු­රට හසු වූ අඹු­සැමි යුව­ළක් බේරා­ග­නි­මින් වීර ක්‍රියා­වක් කළ චරිත්මා ජිනේන්ද්‍රී මාඉ­ටිපේ දිය­ණි­යට පාර්ලි­මේ­න්තුවේ ගෞර­වය සහ ප්‍රණා­මය පුද කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (7) ප්‍රකාශ කළේය.

එමෙන්ම පාදුක්ක සිරි පිය­ර­තන විදු­හලේ 17 හැවි­රිදි මේ දැරි­යගේ සියලු දේ ගංව­තු­රෙන් අහිමි වී ඇති බැවින් ඇයට ජනා­ධි­පති අර­මු­ද­ලෙන් යම් ආධා­ර­යක් පිරි­න­මන ලෙසද විප­ක්ෂ­නා­ය­ක­ව­රයා ඉල්ලා සිටි­යේය. මෙහිදී අද­හස් දැක්වූ අධ්‍යා­පන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා මෙසේ පැව­සීය: සිරි පිය­ර­තන විදු­හලේ චරිත්මා සිසු­වි­යගේ ක්‍රියාව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණා. සිරි පිය­ර­තන විදු­හල බස්නා­හිර පළාතේ පාස­ලක්. මමත් ඒ සිසු­විය ගැන සොයා බලා අවශ්‍ය කට­යුතු කරන බව දැනුම් දෙනවා.

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්‍යා කරු­ණා­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x