Monday, April 21, 2025
Home » අපේක්ෂා රෝහලට ගිය බස් රථයකට ප්‍රහාරයක්

අපේක්ෂා රෝහලට ගිය බස් රථයකට ප්‍රහාරයක්

by yasara
June 7, 2024 1:47 pm 0 comment

ආණමඩුව නගරයෙ සිට මහරගම අපෙක්ෂා රෝහලට ගමන් කරමින් තිබු ලංගම බස් රථයට ආඩිගම නගරයෙදී අද (07)  දින උදෑසන අංක තහඩු රහිතව පැමිනි යතුරු පැදිකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කල ගල් ප්‍රහාරයකින් ඉදිරිපස විදුරුට දැඩි ලෙස හානි වී ඇත

මෙම ප්‍රහාරයෙන්  රියදුරු නුලෙන් බේරි ගොස් ඇති බව වාර්තා වෙයි

ආණමඩුව නගරයෙ සිට උදෑසන 6 ට මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් බැලිම සදහා යන ඥාතින් හා එම රෝහලට සායන සදහා සහභාගි වන රෝගීන් රැගෙන මෙම බස් රථය ගමන් කර ඇත.

එකවර ආ ගලෙන් බස් රථයෙ රියදුරු හෝ එහි ගමන් ගත් මගීන්ට කිසිදු ආකාරයක තුවාලයක් සිදුව නැති බවත් බස් රථයෙ ඉදිරිපස විදුරුවට දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය කියයි.

හලාවත ඩිපෝවට අයත් මෙම ලංගම බස් රථයට ආණමඩුව නගරයෙ සිට ධාවනය විම හේතුවෙන් නවගත්තේගම ආණමඩුව හා අවට ප්‍රදේශ වල රෝගීන්ට හා අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලිමට යන මහත් අස්වැසිල්ලක් වී තිබුනී.

කෙසේ නමුත් මෙම ගල් ප්‍රහාරය එල්ල කල පිරිස් හදුනා ගැනිමට ආණමඩුව පොලිස්ථානයෙ නිළධාරීන් අවට ප්‍රදේශ වල සිට සිටිවි කැමරා දර්ශන නිරික්ෂණය කරමින් මෙම ප්‍රහාරය එල්ල කල සැකකරුවන් හදුනා ගැනිමට කටයුතු කරමින් සිටින බව පවසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT