චීනයේ දී විදේශිකයන්ගේ මුදල් ගෙවීමේ පහසුකම් තවදුරටත් පුළුල් කෙරේ.
බෙයිජිං, ශැංහයි ඇතුළු චීනයේ විවිධ නගර හා පළාත් 30 ක මීට අදාළව විශේෂ පියවර ගෙන ඇතැයි බව චීන මහජන බැංකුව පවසයි.
මේ යටතේ, විදේශිකයන්ට චීනයේ දී විවිධ ගෙවුම් පහසුකම් භාවිත කිරීමට හැකියාව ලැබීම විශේෂත්වයකි. උමං දුම්රිය සේවය, කෞතුකාගාර සහ සාප්පු සංකීර්ණ ඇතුළු ස්ථාන රැසක එම පහසුකම් ක්‍රියාත්මක වේ. විදේශීය කාඩ්පත් මගින් ඍජු ගෙවීම් කිරීම ද ඊට ඇතුළත් ය. එසේ ම, ප්‍රධාන ජාත්‍යන්තරයේ ණය කාඩ්පත් සංවිධාන 5 ක් ද චීනය තුළ මුදල් ගෙවීමේ කටයුතු අරඹා ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ චීනයේ POS යන්ත්‍ර ඔස්සේ විදේශීය කාඩ්පත්වලින් මුදල් ගෙවීම් කළ වාර ගණන හා එහි සමස්ත වටිනාකම පෙබරවාරි මාසයට සාපේක්ෂව 50% කින් වර්ධනය වී ඇති බව සංඛ්‍යාලේඛනවල දැක්වේ. එමෙන්ම චීනයට පැමිණි විදේශිකයන් ලක්ෂ 20 කට අධික පිරිසක් සිය ජංගම දුරකථනයෙන් මුදල් ගෙවීම් සිදු කර තිබේ. එම අගය පෙබරවාරි මාසය හා සැසඳීමේ දී 80% කට වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි.