Home » මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් තාවකාලිකව වසා දැමේ

මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් තාවකාලිකව වසා දැමේ

by chanaka
June 7, 2024 4:30 pm 0 comment

කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් හෙට (08) උදෑසන 10.00 සිට සවස 7.00 දක්වා විටින් විට වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ මහතා පවසයි.

මාර්ගයේ ඇති අනාරක්ෂිත ගස් සහ කලුගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT