Home » ශ්‍රී ලංකාව ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බවට IMF හෙළි කරයි

ශ්‍රී ලංකාව ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බවට IMF හෙළි කරයි

by yasara
June 7, 2024 10:12 am 0 comment

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය පවසයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම් ඉක්මණින් එළඹෙනු ඇති බවට දැඩි අපේක්ෂාවකින් පසුවෙන බවයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12වනදා රැස්වීමට නියමිත අතර එහිදී දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවත් එම ප්‍රකාශිකාව සඳහන් කළාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT