Monday, April 21, 2025
Home » ‘සිලෝන් වුමන්‘ ඩිජිටල්කරණ වෙයි

‘සිලෝන් වුමන්‘ ඩිජිටල්කරණ වෙයි

by chanaka
June 5, 2024 11:24 am 0 comment

සිලෝන් වුමන් (Ceylon Women Organization) සංවිධානයේ විශේෂ සැසියක් කොළඹ රැඩිසන් හෝටලේයේ දී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලුම කාන්තාවන් සඳහා මෙම සංවිධානයට එක් වීමේ ඉඩ ප්‍රස්ථා විවර කර දෙමින් එම සංවිධානය ඩිජිටල්කරණ වීම ද මෙහිදී සිදු විය.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක වන මෙම සංවිධානයට තුළින් කාන්තාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාවය සහ කාන්තාව නවෝත්පාදනයෙන් බලාත්මක වීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම අවස්ථාවට යුනෙස්කෝ ජාතික කොමිසමේ ලේකම් ජෙනරාල් මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පති ආචාර්ය සුමේධා ජයවීර, නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවේ සභාපති සිරිල් සුදුවැල්ල, වෘත්තිය පුහුණු අධිකාරියේ සභාපති කුමාර් රාජපක්ෂ, කර්මාන්ත සංර්වධන මණ්ඩලයේ සභාපති ආචාය සාරංග අලහප්පෙරුම, ජර්මානු කාර්මික විද්‍යාලයේ සභාපති සුරංග මෙන්ඩිස් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක් විය.

තවද, එම සංවිධානයේ ඉතාලිය, එංගලන්තය, ප්‍රංශය, කැනඩාව, ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT