Home » ජපානයේ ඉදි වූ ප්‍රථම ථේරවාදී විහාරස්ථානයට වසර හතළිහක් සපිරේ

ජපානයේ ඉදි වූ ප්‍රථම ථේරවාදී විහාරස්ථානයට වසර හතළිහක් සපිරේ

by yasara
June 5, 2024 10:12 am 0 comment

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සැබෑ පාලම ලෙස ජපානයේ සවාරාහි ලංකා ජී විහාරස්ථානය පෙන්වා දිය හැකි බව නාගරික සංවර්ධන හානිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කර සිටින්නේ ලංකාජී විහාරය අද වනවිට භෞතික වශයෙන් සේම ආධ්‍යාත්මික වශයෙන්ද විශාල දියුණුවක් ලබා තිබෙන බවයි.

ජපානයට එන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට පිහිට වෙන,බොහෝ දෙනෙකුට මග පෙන්වන සහ බොහෝ දෙනෙකුගේ වන්දනාවට පාත්‍ර වන ස්ථානයක් බවට මෙම විහාරය අද වනවිට පත්ව ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ ජපානයේ ලංකා ජී විහාරස්ථානයට වසර 40ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගී වෙමිණි.

ජපානයේ සවාරාහි ලංකා ජී විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ආරාධනය පරිදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ජපාන පාර්ලිමේන්තුවේ කතෝරි ප්‍රදේශයේ මහජන නියෝජිත යතගාවා හජීමේ මහතා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.

ඒ ජපානයේ සවාරාහි ලංකා ජී විහාරස්ථානයේදී.

ජපානය ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන ලංකා ජී විහාරය 1984 මැයි 26 වෙනි දින ඉදිකෙරෙන්නේ බානගල උපතිස්ස හිමියන්ගේ කැපවීම හා ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙසයි.

ජපානයේ ඉදි වූ ප්‍රථම ථේරවාදී විහාරස්ථානයට වසර හතළිහක් සම්පූර්ණ වේ. 1984 මැයි මස 24 වැනි දින එවක ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් මෙම විහාරස්ථානය විවෘත කෙරුණි.

මෙම උත්සවයට සමගාමීව ජපානයේ සවරා ලංකජී විහාරය පිළිබඳව නිර්මාණය කළ වෙබ් අඩවිය ජනගත කිරීම ලංකා ජී විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස හිමියන් අතින් සිදුවිය. පසුව ලංකජී විහාරය පිළිබඳ ඉන්දියාවේ ජෙෂ්ඨ මාධ්‍යවේදී ශකීල් සිද්දිකි මහතා රචනා කළ ග්‍රන්ථය බානගල උපතිස්ස නා හිමියන්ට සහ පැමිණි ආරාධිතයන්ට පිරිනැමුණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT