291
අධික වැසි සමග ඇති වූ ආපදාවලින් මියගිය පුද්ගලයින් ගණන 21ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, පසුගිය 01 වැනි දා සිට අද (05) දක්වා කාලය තුළයි.
සිදුවී ඇති මරණවලින් වැඩි සංඛ්‍යාවක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 06 ක්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවය.
එක් පුද්ගලයෙකු තවදුරටත් අතුරුදන්ය.
ආපදාවලින් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක සංඛ්‍යාව 13 කි.
නිකුත් වූ නවතම වාර්තාව අනුව පවුල් 53,289ක පුද්ගලයින් 202,651 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර වාර්තා වී ඇති පුර්ණ නිවාස හානි ගණන 31ක්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, අර්ධ නිවාස හානි 3503ක් ද වාර්තා වන බවයි.