Tuesday, April 22, 2025
Home » දරුවාට අමානුෂික ලෙස පහරදුන් “කුකුල් චමින්ද “අත්අඩංගුවට

දරුවාට අමානුෂික ලෙස පහරදුන් “කුකුල් චමින්ද “අත්අඩංගුවට

by yasara
June 5, 2024 9:07 am 0 comment

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සැඟව සිටිය දී අද (05) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙයි.

මෙම පුද්ගලයා සහ පහරදීමට ආධාර අනුබල දීමේ චෝදනා මත තවත් කාන්තාවන් දෙදෙනෙකු ද අදාළ සැකකරු සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි කුකුල් චමින්ද යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සහ වයස අවුරුදු 37 ක් හා 46 ක් වන කාන්තාවන් දෙදෙනෙකි.

ඔවුන් වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පහරකෑමට ලක් වූ අවුරුදු 4 1/2 ක දරුවා ද පොලිස් භාරයට ගෙන මේ වනවිට අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT