Tuesday, April 8, 2025
Home » රතු මුහුදේ යාත්‍රා කළ අමෙ­රි­කානු නෞකා­ව­කට හවුති කැර­ලි­ක­රු­ව­න්ගෙන් මිස­යිල ප්‍රහා­ර­යක්

රතු මුහුදේ යාත්‍රා කළ අමෙ­රි­කානු නෞකා­ව­කට හවුති කැර­ලි­ක­රු­ව­න්ගෙන් මිස­යිල ප්‍රහා­ර­යක්

by damith
June 1, 2024 1:13 am 0 comment

අමෙ­රි­කාව සහ බ්‍රිතාන්‍ය විසින් පසු­ගි­යදා යේම­න­යට එල්ල කළ මාරා­න්තික ප්‍රහා­ර­යට ප්‍රති­චාර වශ­යෙන් රතු මුහුදේ යාත්‍රා කර­මින් තිබූ අමෙ­රි­කානු ගුවන්යානා රැගත් නෞකා­ව­කට මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කළ බව හවුති කැර­ලි­ක­රු­වන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳ­හන් කරන්නේ ඊයේ එම මිස­යිල ප්‍රහා­රය එල්ල කර ඇතැයි හවුති හමුදා ප්‍රකා­ශක යහ්යා සරී ප්‍රකාශ කළ බවය.

අමෙ­රි­කාව සහ බ්‍රිතාන්‍ය හමු­දාව යේම­න­යට එල්ල කළ ප්‍රහා­ර­යෙන් පුද්ග­ල­යන් 16 දෙනකු ජිවි­ත­ක්ෂ­යට පත්වූ බවත්, ඉදි­රි­යේදී රතු මුහුදේ අමෙ­රි­කානු හා බ්‍රිතාන්‍ය නෞකා­ව­ලට ප්‍රහාර එල්ල කරන බවත් හවුති හමුදා ප්‍රකා­ශක වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ.

යේම­න­යට එල්ල වූ ප්‍රහා­රය පිළි­බඳ හවුති පාල­නයේ පව­තින එරට අල් මසි­රියා රූප­වා­හිනි නාළිකාව නිවේ­ද­නය කර ඇති අතර, සිවිල් වැසි­යන් තුවාල ලැබූ අයුරු දැක්වෙන වීඩියෝ පට­යක් ද විකා­ශය කර ඇතැයි වාර්තාවේ. අමෙ­රි­කානු සහ බ්‍රිතාන්‍ය ප්‍රහා­ර­යෙන් සිවිල් වැසි­යන් 42 දෙනකු තුවාල ලැබූ බව අල් මසි­රියා රූප­වා­හිනි නාළි­කාව සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද පල­ස්තීන ජන­තාව වෙනු­වෙන් දක්වන යුද­මය සහ­යෝ­ගය එම ප්‍රහා­ර­යෙන් වැළැ­ක්විය නොහැකි බවද හවුති කැරලි­කාර කණ්ඩා­යමේ නිල­ධා­රි­යකු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT