Sunday, April 20, 2025
Home » ගම්පහ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස මලල ක්‍රීඩා අද

ගම්පහ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස මලල ක්‍රීඩා අද

by damith
June 1, 2024 1:10 am 0 comment

ගම්පහ දිස්ත්‍රික් විශේෂ - සිසිල ගුණ­ති­ලක

බස්නා­හිර පළාත් ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ මෙහෙ­ය­වී­මෙන් ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා අංශය විසින් සංවි­ධා­නය කරනු ලබන ගම්පහ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස මලල ක්‍රීඩා උලෙළ අද දින පෙර­වරු 9.30ට බස්නා­හිර පළාත් අධ්‍යා­පන, සංස්කෘ­තික, කලා කට­යුතු, ක්‍රීඩා හා යෞවන කට­යුතු සහ තොර­තුරු තාක්ෂ­ණය පිළි­බඳ අමා­ත්‍යාං­ශයේ ලේකම් එස්.ඩී.එස්.සදීකා සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්ම මහ­ත්මීන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් ගම්පහ ශ්‍රී බෝධි පාරේ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

මෙම අව­ස්ථා­වට බස්නා­හිර පළාත් ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ සචින් තෙව­ර­ප්පෙ­රුම, ගම්පහ ප්‍රාදේ­ශීය ලේකම් සුරංගා ගුණ­ති­ලක යන මහත්ම මහ­ත්මීන් ඇතුළු දිස්ත්‍රි­ක්කයේ සිය­ලුම ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන්, ක්‍රීඩා නිල­ධා­රීන් ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන් රැසක් සහ­භාගී වීමට නිය­මිත බව ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා නිල­ධාරී රෝහණ පෙරේරා මහතා පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT