146
ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 40ක් සඳහා සමූහ ක්‍රීඩා සහ ජවන හා මලල ක්‍රීඩා උපකරණ ලබාදීම පසුගියදා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යායේදී සිදු කෙරිණි.
මේ යටතේ රුපියල් 60,000කට ආසන්න ක්‍රීඩා උපකරණ කට්ටලයක් එක් පාසලක් සඳහා ප්රදානය කෙරිණි.
ක්‍රීඩා අමාත්‍ය ප්‍රතිපාදන යටතේ මේ භාණ්ඩ බෙදාදෙනු ලැබූ අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 40ක මුදලක් වැයවී තිබේ.
මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් (රාජකාරි ආවරණ) චාමි රාජකරුණා මහත්මිය ද එක්ව සිටියාය.