Home » ඝාත­න­ය­ක්දැයි සැක පිරිමි මළ සිරුරු 2ක් වික්ටෝ­රියා ජලා­ශයේ

ඝාත­න­ය­ක්දැයි සැක පිරිමි මළ සිරුරු 2ක් වික්ටෝ­රියා ජලා­ශයේ

by damith
June 1, 2024 1:11 am 0 comment

අසේල කුරු­ළු­වංශ

වික්ටෝ­රියා ජලා­ශයේ පා වෙමින් තිබි­යදී පිරිමි මළ සිරුරු දෙකක් පෙරේදා (31) පස්ව­රුවේ සොයා­ගත් බව තෙල්දෙ­ණිය පොලි­සිය පව­සයි.

බෙ‍ෙහ­වින් නරක් වූ මළ සිරුරු දෙකක් දිගන අඹ­කොටේ හා පොල් අක්කර තිහ ග්‍රාමය මායිමේ ජලා­ශයේ පා වෙමින් තිබෙන බවට ප්‍රදේ­ශ­වා­සි­යකු දුන් තොර­තු­රක් මත පොලි­සිය ප්‍රදේ­ශ­වා­සී­න්ගේද සහය ඇතිව ඒවා ගොඩ ගැනී­මට පිය­වර ගෙන තිබේ.

තෙල්දෙ­ණිය වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් බාන්ස් රඹු­ක්වැල්ල මහතා ස්ථානීය පරී­ක්ෂා­වක් සිදු කිරී­මෙන් පසු පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යුතු සඳහා දේහ­යන් මහ­නු­වර ජාතික රෝහ­ලට යොමු කරන ලෙස නියෝග කර ඇත.

මේ පුද්ග­ල­යෙන් දෙදෙනා කවු­රුන් විසින් හෝ ඝාත­නය කර මහ­වැලි ගඟට දම­න්නට ඇතැයි පොලි­සිය සැක කරයි. සිද්ධිය සම්බ­න්ධ­යෙන් තෙල්දෙ­ණිය පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT