වික්ටෝරියා ජලාශයේ පා වෙමින් තිබියදී පිරිමි මළ සිරුරු දෙකක් පෙරේදා (31) පස්වරුවේ සොයාගත් බව තෙල්දෙණිය පොලිසිය පවසයි.
බෙෙහවින් නරක් වූ මළ සිරුරු දෙකක් දිගන අඹකොටේ හා පොල් අක්කර තිහ ග්‍රාමය මායිමේ ජලාශයේ පා වෙමින් තිබෙන බවට ප්රදේශවාසියකු දුන් තොරතුරක් මත පොලිසිය ප්රදේශවාසීන්ගේද සහය ඇතිව ඒවා ගොඩ ගැනීමට පියවර ගෙන තිබේ.
තෙල්දෙණිය වැඩබලන මහේස්ත්රාත් බාන්ස් රඹුක්වැල්ල මහතා ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහයන් මහනුවර ජාතික රෝහලට යොමු කරන ලෙස නියෝග කර ඇත.
මේ පුද්ගලයෙන් දෙදෙනා කවුරුන් විසින් හෝ ඝාතනය කර මහවැලි ගඟට දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.