Home » බෙල්ල­නට විරෝ­ධය පා උස් ගොඩ­නැ­ඟි­ල්ලක වහ­ල­යට නැඟුණු රෝහල් සේව­කයා අධ්‍ය­ක්ෂගේ මැදි­හත් වීමෙන් බිමට බසී

බෙල්ල­නට විරෝ­ධය පා උස් ගොඩ­නැ­ඟි­ල්ලක වහ­ල­යට නැඟුණු රෝහල් සේව­කයා අධ්‍ය­ක්ෂගේ මැදි­හත් වීමෙන් බිමට බසී

by damith
June 1, 2024 1:13 am 0 comment

​සන්ධ්‍යා කරු­ණා­රත්න

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහ­තාගේ ක්‍රියා කලා­ප­යට එරෙ­හිව රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලයේ සේව­ක­යකු රෝහලේ බණ්ඩා­ර­නා­යක ගොඩ­නැ­ඟිල්ලේ වහ­ලය මතට නැඟ කළ විරෝ­ධ­තාව රෝහලේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාගේ මැදි­හත් වීමෙන් සම­ථ­ය­කට පත් කළ බව රෝහලේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යෙක් දින­මි­ණට ඊයේ (31) පැව­සීය.

වෛද්‍ය බෙල්ලන මහතා විසින් අදාළ සේව­කයා අභ්‍ය­න්තර ස්ථාන මාරු­ව­කට ලක් කර ඇති බවත්, අදාළ අභ්‍ය­න්තර මාරුව රෝහලේ අධ්‍ය­ක්ෂ­ව­රයා විසින් නිවැ­රදි කිරී­මෙන් පසුව උද්ඝෝ­ෂ­ණයේ නිරත වූ කනිටු සේව­කයා වහ­ල­යෙන් බැස ඇති බවත් හෙතෙම කීය. වෛද්‍ය බෙල්ලන මහ­තාට විරු­ද්ධව අදාළ සේව­කයා පසු­ගිය කාල­යේදී මාධ්‍ය වෙත අද­හස් දැක්වී­මේදී කාර­ණාව මුල් කර­ග­නි­මින් මේ අභ්‍ය­න්තර මාරුව සිදු කර ඇතැයි උද්ඝෝ­ෂ­ණයේ නිරත සේව­කයා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT