Sunday, April 20, 2025
Home » විජ­ය­දාස – උඩ­වත්ත මුල්පු­ටු­ව­ලට පත් කළ ශ්‍රීල­නිප විධා­යක සභාව නීත්‍ය­නු­කූල නෑ

විජ­ය­දාස – උඩ­වත්ත මුල්පු­ටු­ව­ලට පත් කළ ශ්‍රීල­නිප විධා­යක සභාව නීත්‍ය­නු­කූල නෑ

කඩු­වෙල දිසා උසා­විය තීර­ණය කරයි

by damith
June 1, 2024 1:12 am 0 comment

මීගොඩ - බී.කේ. කත්‍රි­ආ­රච්චි

අධි­ක­ර­ණය අමාත්‍ය විජ­ය­දාස රාජ­පක්ෂ මහ­තාට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­පති ධුර­යේත්, නීතිඥ කීර්ති උඩ­වත්ත මහ­තාට ලේකම් ධුර­යේත් කට­යුතු කිරී­මට බාධා කිරීම වළක්වා ලමින් පනවා තිබූ වාරණ නියෝ­ගය ඉවත් කිරී­මට කඩු­වෙල දිසා විනි­සුරු දුලානි එස්. වීර­තුංග මහ­ත්මිය ඊයේ (31) දින නියෝග කළාය. එසේම විජ­ය­දාස රාජ­පක්ෂ මහතා සහ කීර්ති උඩ­වත්ත මහතා අදාළ තන­තු­ර­ව­ලට පත් කිරීම සඳහා පැවැත්වූ විධා­යක සභා රැස්වීම නීත්‍ය­නු­කූල නොවන බවද මෙහිදී අධි­ක­ර­ණය මඟින් තීර­ණය කරන ලදි. ශ්‍රි ලංකා නිද­හස් පක්ෂයේ විධා­යක සභි­ක­යන් වන ඉසුරු අබේ­ව­ර්ධන සහ සුමිත් සොයිසා මහ­ත්ව­රුන් විසින් තම පක්ෂයේ විධා­යක සභාව මඟින් සභා­ප­ති­ව­රයා ලෙස විජ­ය­දාස රාජ­පක්ෂ මහතා සහ ලේකම් ලෙස කීර්ති උඩ­වත්ත මහතා පත් කර­ගෙන ඇති බැවින් ඒ සඳහා බාධා පැමි­ණ­වීම වළ­ක්වන ලෙස ඉල්ලා කඩු­වෙල දිසා අධි­ක­ර­ණය වෙත ඉල්ලී­මක් කර තිබූ අතර, ඒ අව­ස්ථා­වේදී අදාළ බාධා කිරීම් නොක­රන ලෙස කඩු­වෙල දිසා අධි­ක­ර­ණය මගින් ඉකුත් 15 දින වාරණ නියෝ­ග­යක් පැන­විණි. මේ අත­ර­තුර වග උත්ත­ර­කාර පාර්ශ්වය මඟින් අදාළ වාරණ නියෝ­ගය ඉවත් කරන ලෙස දිසා අධි­ක­ර­ණය වෙත පෙත්ස­මක් ඉදි­රි­පත් කර තිබිණි.

අදාළ පෙත්සම සලකා බැලූ අධි­ක­ර­ණය මේ නියෝ­ගය දුන් අතර, මේ සම්බ­න්ධ­යෙන් වූ ඉදිරි නඩු විභා­ගය ජූලි මස 9 දා යළි කැඳ­වී­මට නිය­මිත වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT