මැලේසියාවේ ක්වාලාලම්පූර් කුසානො හා විවෘත කරාතේ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ කණ්ඩායම අද (24) මෙරටින් පිටත්ව යයි.
ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ කණ්ඩායමට දිවයිනේ පාසල් 27කින් ක්‍රීඩකයෝ 19 දෙනකු සහ ක්‍රීඩිකාවෝ 16දෙනකු එක්ව සිටිති.
පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ එච්.වයි.එම්. පෙරේරා කටයුතු කරන අතර, කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස කොළඹ කාන්තා විදුහලේ මහේලි අනුජනා රණසිංහ කටයුතු කරන්නීය.
කණ්ඩායම භාර නිලධාරීන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂ රුවන්පතිරණ රත්නසිරි (කළමනාකරු), කඩවත විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පති, ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමයේ සභාපති අරුණ ශාන්ත, ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්ය හා ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමයේ ලේකම් අරෝෂන් ප්‍රදීප් නිශ්ශංක, සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි දයානි තිලකසිරි, මහර ජනාධිපති විද්‍යාලයේ ආචාරිනි ශාරිකා මඩවල නිල්රුක්ෂි හා බී.එම්. කීර්තිකුමාර යන මහත්ම මහත්මීහු එක්වන අතර සහාය පුහුණුකරු ලෙස චතුර බණ්ඩාර මහතාද මේ සංචාරයට සහභාගි වෙති.
මේ තරගාවලිය අද (24) සිට 29 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේදී පැවැත්වේ.
සංචාරයට එක් වන පිරිමි කණ්ඩායම – එච්.වයි.එම්. පෙරේරා (නායක – වෙන්නප්පුව ජෝසප් වාස්), පී.වී.එන්. එස්. බණ්ඩාර (උපනායක – කුරුණෑගල මලියදේව), සෙනුක අනුජය (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද), එම්.එම්.ආර්.එම්. මාරසිංහ (මාවරමණ්ඩිය සිරිසුමන බෞද්ධ වි.), සම්පත් රණසිංහ (දඹුල්ල ජා.ප.), එස්.එම්. රාජපක්ෂ (නාත්තන්ඩිය ධම්මිස්සර), ඩී.ටී.ඩී. කුරුප්පු (පොලොන්නරුව රාජකීය), නිර්මාල් රාජපක්ෂ (මාදම්පේ සේනානායක ජා.ප.), ඊ.ඩී.කේ.ඩී. ධනුගේ (කුරුණෑගල මලියදේව පිරිමි වි.), සසිදු පූර්ණ (නාත්තන්ඩිය ධම්මිස්සර), එස්.කේ. වෙලගෙදර (ගල්කිස්ස සා. තෝමස්), ජී.ඩී.කේ.ජී. සෙනරත් (මාදම්පේ සේනානායක ජා. ප.), පී.ජී.එස්.එස්. ගුණවර්ධන (කුලියාපිටිය ම.ම.වි.), ඩී.එස්. ජයදේව (කොළඹ ආනන්ද), ලක්මාල් පීරිස් (මාදම්පේ සේනානායක ජා.ප.), නෙත්සර මුණසිංහ (යක්කල අනුර ම.වි.), කේ.ඒ.කේ. කස්තුරිආරච්චි (කෑගල්ල සා. මරියා), එම්.ජී.ටී.සී. පහන් (රඹුක්කන සුජාතා වි.) හා ඩී.එම්.එස්.ජේ. දිසානායක (මොනරාගල මහානාම ජා.ප.).
කාන්තා කණ්ඩායම – ආර්.ඒ.එම්.ඒ. රණසිංහ (නායිකා – කොළඹ කාන්තා වි.), අයි.එච්.ජී.එච්.එච්. රූපසිංහ (උපනායිකා – හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා), ගෞරංගි විමලරත්න (වාරියපොළ ශ්‍රී සුමංගල ම.ම.වි.), වාස් ගුණවර්ධන (බටපොළ කල්‍යාණතිස්ස වි.), ඕ.ඒ.ඩී. ගෝමස් (මීගමුව ආවේමරියා වි.), ජී.එම්.ටී.එන්. දිසානායක (හිඟුරක්ගොඩ රජරට වි.), යෙෂදි බිනාරා ලංකාදේව (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද වි.), නෙත්මි රණවීර (තුඩැල්ල නිමලමරියා බාලිකා වි.), ආර්.එම්.එස්. ලක්ෂිකා (තුඩැල්ල නිමලමරියා ම.ම.වි.), දුලංසා ජයදේව (කොළඹ විශාඛා), ආකර්ෂා ජයදේව (කොළඹ විශාඛා), ආර්.බී.එම්. ද මෙරාල් (තුඩැල්ල නිමලමරියා), ඩබ්ලිව්.එස්.එම්.කේ.පී. බණ්ඩාර (වැලිමඩ ම.ම.වි.), ලතිකා ජයසිංහ (හෝමාගම ම.වි.) හා හිරුණිකා හේරත් (මහනුවර උසස් බාලිකා).
මල්වාන සමූහ – මහානාම විතානගේ
දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති