Wednesday, April 23, 2025
Home » ඩොලර් නෝට්ටුවකින් මුහුණ පිසදැමූ අසාම් දුප්පතුන්ට සමච්චල් කළැයි චෝදනා

ඩොලර් නෝට්ටුවකින් මුහුණ පිසදැමූ අසාම් දුප්පතුන්ට සමච්චල් කළැයි චෝදනා

by sachintha
May 24, 2024 1:57 am 0 comment

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක අසාම් ඛාන් අමෙරිකානු ඩොලර් නෝට්ටුවකින් මුහුණ පිස දමන වීඩීයෝවක් ප්‍රචාරයවීමෙන් පාකිස්තානයේ කැලඹීමක් හටගෙන ඇත. පාකිස්තානයේ ඇතැම් ජනතාව ආහාර හිඟයකට මුහුණ දෙන අතරේ අසාම් දුප්පත් මිනිසුන්ට සමච්චල් කරන බව ජනතාව චෝදනා කරති.

සමාජ මාධ්‍ය පරිශීලකයෙක් පවසා ඇත්තේ ක්‍රීඩකයන්ට අධ්‍යාපනයේ අවශ්‍යතාව මෙයින් වඩාත් දැනෙන බවය.

“ඒකයි අපි නිතරම කියන්නේ මූලික අධ්‍යාපනය අත්‍යවශ්‍යයි කියලා. මේ මිනිස්සු ලෝකේ සංචාරය කළත් මූලික මානුෂීය වටිනාකම් ඉගෙන ගෙන නැහැ. ඔබ ඔවුන්ව ජාත්‍යන්තර තලයට යැවීමට පෙර පාසලට යවන්න”සමාජ මාධ්‍ය සටහනකින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට කියා ඇත.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් ද මේ වීඩියෝව සම්බන්ධයෙන් අප්‍රසාදය පළකර ඇතැයි වාර්තාවේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT