අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි චෙස් ක්‍රීඩක සංගමය ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ 11 වැනි වරට සංවිධාන කළ දම්සෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලියේ විවෘත කාන්තා ශූරතාව දිනා ගැනීමට නුගේගොඩ අනුලා බාලිකා විදුහලේ සදිති කුසල්යා සමත් වූවාය. එම තරගාවලියේ පිරිමි විවෘත ශූරතාව 10 වැනි වරටත් ඉන්දියානු ක්‍රීඩකයකු දිනාගත් අතර, ඉන්දියාවේ ඉන්ටර්නැෂනල් මාස්ටර් හිමාල් ගුසයින් මෙවර ශූරයා බවට පත්විය.
මේ තරගාවලියේදී පිරිමි විවෘත ශූරතාව එක් වරක් පමණක් ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර, ඒ චෙස් ක්‍රීඩක පිඩේ මාස්ටර් ජී.සී. අනුරුද්ධ විසිනි.
ධර්මාශෝක විද්‍යාලයීය එස්. තෝමස් ද සිල්වා ශ්‍රවණාගාරයේ පැවති මෙවර තරගාවලියේදී තරග වට 10න් ලකුණු 7.5ක් හිමි කර ගැනීමට සදිති සමත් වූ අතර, තියුණු මුහුණුවරක් ගත් මේ තරගයේදී ලකුණු 7.5 බැගින් සම ලකුණු ලබා ගැනීමට සදිති කුසල්යා සමඟ සෙතුම්ලී පල්ලියගේ, යෙනුති සහන්ලී, තෙරුනි ජයසුන්දරා සමත් වූහ. එහෙත් චෙස් ක්‍රීඩාවේ සම තත්ත්වය බිඳීමේ ක්‍රමවේදයේදී මේ සම ශූරියන් සිව්දෙනාට සම තත්ත්වයෙන් මිදී සදිති කුසල්යාට ශූරතාවත් සෙතුම්ලී ට අනුශූරතාවත්, යෙනුතිට තෙවැනි සහ තෙරුනි ජයසුන්දරාට සිව් වැනි ස්ථානයත් හිමිවූහ.
විවෘත පිරිමි ශූරතාව සඳහා පැවති තරග වට 10න් 7 වැනි තරග වටය තෙක්ම ඉන්දියාවේ හිමාල් ගුසයින් හා ඉන්ටර්නැෂනල් මාස්ටර් මොරටුව විශ්වවිද්‍යාලයේ හර්ෂණ තිලකරත්න අතර ජය දෝලනය වෙමින් තිබූ අතර, හත් වැනි වටයේදී එය වඩාත්ම තියුණු වූවේ ඔවුන් දෙදෙනා අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමෙනි. කෙසේ වෙතත් වට 10 අවසානයේ ලකුණු 9.5ක් ලබාගත් ඉන්දියාවේ හිමාල් ගුසයින්ට ශූරතාව හිමිවූ අතර, ලකුණු 9ක් ලබාගත් ඉන්ටර්නැෂනල් මාස්ටර් මොරටුව විශ්වවිද්‍යාලයේ හර්ෂණ තිලකරත්නට අනුශූරතාව හිමි විය. මොරටුව විශ්වවිද්‍යාලයේම ජී.ඩබ්ලිව්.ඩී.එම්. දාබරේරා තෙවැනි ස්ථානයට පත් විය.
දකුණු පළාතේ පළමු වරට සංවිධාන කෙරුණු හා මෙරට පාසලක් විසින් මෙරට පවත්වනු ලබන පැරණිතම සහ එකම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලියවූ මේ තරගාවලියට මෙවර ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 480ක් සහභාගි වූහ.
තරගාවලියේ ජය සංකේත ප්රදානෝත්සවය අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ විදුහල්පති කේ.ඒ.ඩී. කරුණාරත්න, පාණදුර සුමංගල විදුහලේ වත්මන් විදුහල්පති, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හිටපු විදුහල්පති, එම විදුහලේ පළමු චෙස් ක්‍රීඩා පුහුණුකරු, චෙස් ක්‍රීඩා භාර ආචාර්ය රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතාගේ සහ ඌරගස්මංහන්දිය යටගල ඉදිකිරීම් පුහුණු නිපුණතා ජාත්‍යන්තර කාර්යාංශයේ සභාපති සමන් ප්‍රියන්ත විජේවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන