විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට සතියක් තිබියදී කැනඩා ක්‍රිකට් පිලේ පුහුණුකරු පුබුදු දසනායක මහතා එම ධුරයෙන් ඉවත් කරයි. පුබුදු දසනායකගේ පුහුණුකාරීත්වය යටතේ කැනඩාව විස්සයි20 තරගාවලිය දක්වා සාර්ථකව ගමන් කළද ක්‍රීඩකයන් කිහිපදෙනකුගේ අකමැත්ත හේතුවෙන් ඔහුට එම තනතුරෙන් ඉවත්වන ලෙස එරට ක්‍රිකට් පරිපාලනය දැනුම්දී තිබේ.
වසර 2022 ජූලි මාසයේදී දසනායක මහතා කැනඩා ක්‍රිකට් පිලේ පුහුණු රාජකාරි ආරම්භ කළ අතර, එයට පෙර ඔහු නේපාලයේ හා අමෙරිකාවේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11කට හා එක්දින තරග 16කට ක්‍රීඩා කළ 53 හැවිරිදි දසනායක මහතා වෙත කැනඩා ක්‍රිකට් උප සභාපති ගුර්දීප් ක්ලෙයාර් දන්වා ඇත්තේ මේ 30 වැනිදා සාන්ත කිට්ස්හි පැවැත්වෙන පුහුණු තරගයෙන් පසු ඔහුගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බවයි. විස්සයි20 ලෝක කුසලානයේ කැනඩාවේ ආරම්භක තරගය සත්කාරක අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ජුනි 1 දා ඩලස්හිදී පැවැත්වීමට නියමිතය.
ප්‍රින්ස් ගුණසේකර