Sunday, April 20, 2025
Home » පුබුදු දසනායක කැනඩා පුහුණුකරු තනතුරෙන් ඉවත් කරයි
ලෝක කුසලානයට සතියක් තිබියදී

පුබුදු දසනායක කැනඩා පුහුණුකරු තනතුරෙන් ඉවත් කරයි

by sachintha
May 24, 2024 1:31 am 0 comment

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට සතියක් තිබියදී කැනඩා ක්‍රිකට් පිලේ පුහුණුකරු පුබුදු දසනායක මහතා එම ධුරයෙන් ඉවත් කරයි. පුබුදු දසනායකගේ පුහුණුකාරීත්වය යටතේ කැනඩාව විස්සයි20 තරගාවලිය දක්වා සාර්ථකව ගමන් කළද ක්‍රීඩකයන් කිහිපදෙනකුගේ අකමැත්ත හේතුවෙන් ඔහුට එම තනතුරෙන් ඉවත්වන ලෙස එරට ක්‍රිකට් පරිපාලනය දැනුම්දී තිබේ.

වසර 2022 ජූලි මාසයේදී දසනායක මහතා කැනඩා ක්‍රිකට් පිලේ පුහුණු රාජකාරි ආරම්භ කළ අතර, එයට පෙර ඔහු නේපාලයේ හා අමෙරිකාවේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11කට හා එක්දින තරග 16කට ක්‍රීඩා කළ 53 හැවිරිදි දසනායක මහතා වෙත කැනඩා ක්‍රිකට් උප සභාපති ගුර්දීප් ක්ලෙයාර් දන්වා ඇත්තේ මේ 30 වැනිදා සාන්ත කිට්ස්හි පැවැත්වෙන පුහුණු තරගයෙන් පසු ඔහුගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බවයි. විස්සයි20 ලෝක කුසලානයේ කැනඩාවේ ආරම්භක තරගය සත්කාරක අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ජුනි 1 දා ඩලස්හිදී පැවැත්වීමට නියමිතය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT