Home » ශ්‍රී ලාංකිකයකුගෙන් තායිලන්තයේදී දන්සලක්

ශ්‍රී ලාංකිකයකුගෙන් තායිලන්තයේදී දන්සලක්

by sachintha
May 24, 2024 1:27 am 0 comment

තායිලන්තයේ බැංකොක් නුවර පදිංචි ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන වෙනුක මුදුන්කොටුව මහතා මෙවර ප්‍රථම වරට වෙසක් පොහොය නිමිත්තෙන් තායිලන්තයේ බැංකොක් නගරයේදී දන්සලක් පැවැත්වීය.

මුදුන්කොටුව මහතා බැංකොක් නුවර පවත්වාගෙන යන සියාම් සිලොන් ශ්‍රී ලාංකේය ආපන ශාලාව ඉදිරිපිට පවත්වන ලද මෙම දන්සලෙන් තායිලන්තයේ ඉතා ප්‍රසිද්ධ ආහාරයක් වන අඹ සමඟ ස්ටිකි රයිස් මෙන්ම පළතුරු සහ අයිස් කෝපි ද ලබා දී ඇත.

වැඩි පිරිසක් බෞද්ධයන් වෙසෙන රටක් වුවද මෙවැනි දන්සලක් තායිලන්තයේ පැවැත්වුණේ ප්‍රථම වතාවට බැවින් මෙය තායි ජාතිකයන්ට ද අමුතු අත්දැකීමක් වූ බව මුදුන්කොටුව මහතා පැවසීය. දන්සල සංවිධානය සඳහා ඔහුගේ තායි ජාතික බිරිය සමඟ පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සහාය ලබා දී ඇත.

කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT