මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පවත්වාගෙන යන සියලුම දන්සල් ඊයේ ( 23 ) දවස පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කරන ලදී.
මේ අනුව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පවත්වාගෙන යන දන්සල් දෙසිය එකොළහක් පරීක්ෂාවට භාජනය කළ බව දංඕවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්.ඇම්.ඇස්. සිරිවර්ධන මහතා පැවසීය.
පෙර දිනයක සියලුම දන්සල් පවත්වන පිරිස් මුණ ගැසී සෞඛ්‍ය ආරක්ෂිතව දන්සල් පවත්වාගෙන යෑම පිළිබඳව උපදෙස් ලබා දුන් බවත්, ඒ අනුව සියලුම දන්සල් සෞඛ්‍ය ආරක්ෂිතව කරගෙන යන බව පරීක්ෂා කිරීම්වලදී දැක ගන්නට ලැබුණු බවත් ඒ මහතා කීය.
දංඕවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්.ඇම්.ඇස්. සිරිවර්ධන, විල්වත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක වී.ඇල්. උපසේන හා මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න යන මහත්වරුන් ප්රමුඛ මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දහතුන් දෙනකු පරීක්ෂා කිරීම්වලට සහභාගී වූහ.
වේයන්ගොඩ විශේෂ වාර්තාකරු, කොටදෙණියාව – ඇම්.පී. කුමාර