Home » පහළගම ශ්‍රී සෝමරතන නාහිමි 78 වැනි ජන්ම දින උත්සවය 26දා

පහළගම ශ්‍රී සෝමරතන නාහිමි 78 වැනි ජන්ම දින උත්සවය 26දා

by sachintha
May 24, 2024 2:22 am 0 comment

ගම්පහ, යටවත්ත, පහළගම විද්‍යාරවින්ද පිරිවෙන් රාජමහා විහාරස්ථානය හා ලන්ඩන් තේමිස් බෞද්ධ විහාරයේ නිර්මාතෘ හා විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පහළගම සෝමරතන නාහිමියන්ගේ 78 වැනි ජන්ම පුණ්‍ය මහෝත්සවය සැමරුම් පිංකම් මාලාව මේ මස 26 වැනි දින ගම්පහ පහළගම විද්‍යාරවින්ද පිරිවෙන් රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

එදින සෝමරතන නාහිමියන් වෙනුවෙන් පස්වරු 5.00ට ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනාව, පස්වරු 6.00ට මහා සංඝරත්නය 75 නමක් විෂයෙහි ගිලන්පස දානය පිරිනැමීම, පස්වරු 6.30ට ගැබිනි මව්වරුන් 50කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම, ඇස් කණ්ණාඩි බෙදා දීම, පස්වරු 7.00ට මහා බත් දන්සලක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ගම්පහ, පහළගම විද්‍යාරවින්ද පිරිවෙන් විහාරස්ථානයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සමඟින් සංවිධායක කමිටුව, විහාරස්ථ දායක සභාව, විහාරස්ථ කාන්තා සමිතිය හා ශ්‍රී දේවානන්ද දහම් පාසල මෙම පුණ්‍යෝත්සවය සංවිධානය කරයි.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT