වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ත්‍රස්තවාදී ස්වරූපයෙන් ක්‍රියාත්මක නොවිය යුතු යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.
අනධ්‍යයන සේවකයින් වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති වුවත් වර්ජනයක නිරත නොවන අධ්‍යයන සේවකයින්ගේ රාජකාරියට ඔවුන් බාධා කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බවත් ඒ මහතා කීය.
මේ වන විට විශ්වවිද්‍යාලයේ අන්තර්ජාල පහසුකම් කපා හැර තිබෙන බැවින් ආචාර්යවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිසුන්ට ඉගැන්වීමට සිදුව තිබෙන්නේ ආචාර්යවරුන්ගේ පෞද්ගලික මුදල් වැයකරමින් යැයි ද ඒකනායක මහතා පැවසුවේය.
ඉදිරියේ දී මොවුන් ජලය හා විදුලිය කපන බවට තර්ජනය කරන්නට ද ඉඩ තිබෙන්නේ යැයි ඒ මහතා කීවේය.
අනධ්‍යයන සේවක සහ විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශිෂ්‍ය අධ්‍යාපන ක්‍රියාවලිය බිඳ වැටී තිබෙන බව ද හෙතෙම අවධාරණය කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආබාධ සහිත දරුවන්ගේ දේශන කටයුතු පවත්වාගෙන යන එකම මධ්‍යස්ථානය පවතින්නේ ශාස්ත්‍ර පීඨයේ බවත් මේ වන විට එය විවෘත කර ගැනීමට හැකියාවක් නොමැති බවත් ප්‍රභාත් ඒකනායක මහතා පැවසුවේය.
අසේල කුරුළුවංශ