Tuesday, April 22, 2025
Home » බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන දන්සලක් පාණදුරේ

බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන දන්සලක් පාණදුරේ

by sachintha
May 24, 2024 2:16 am 0 comment

සරණක් නැතිව මහ පාරේ ජීවත් වන බලු පැටවුන්ට පවුලක් සොයා දීමේ අරමුණින් සංවිධානය කළ දන්සලක් වෙසක් පුන් පොහෝ දිනය යෙදී තිබුණු ඊයේ (23) පානදුර නගරයේදී සිදු විය.
‘පානදුර සැලී සංවිධානය’ නගර සභාවේ සහාය ඇතුව මෙම දන්සල සංවිධාන කර තිබිණි.

මහ පාරේ අසරණව සිටින බලු පැටවුන් එක් කර ඔවුන් ලියාපදිංචි කර, එන්නත් කිරීම සහ ගැහැනු සතුන් වන්ද්‍යාකරණයට ලක් කැර පැමිණෙන අයට භාර දීම මෙහිදී සිදු කෙරිණි.

පානදුර නගරයේදී ඊයේ (23) පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා මෙම දන්සල පැවැති අතර බලු පැටවුන්ට සරණක් වීමට කැමැති පරිත්‍යාගශීලීන් බොහෝ දෙනකු මේ අවස්ථාවට පැමිණ බලු පැටවකු රැගෙන යන අයුරු දක්නට ලැබිණි.

අශානි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සැලී සංවිධානය මෙවැනි සද්කාර්යයන් රැසක් ඉටු කර තිබෙන සංවිධානයකි.
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT