Home » බලපත් නැතිව ට්‍රැක්ටර් දෙකකින් ඉරූ දැව ඇද්ද ඩබලක් මාට්ටු

බලපත් නැතිව ට්‍රැක්ටර් දෙකකින් ඉරූ දැව ඇද්ද ඩබලක් මාට්ටු

by sachintha
May 24, 2024 1:29 am 0 comment

 

තණමල්විල පොලිසිය මඟින් ඉකුත් 21 වැනිදා අලුයම කුඩාඔය බලහරුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ට්‍රැක්ටර් රථ දෙකකින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරූ දැව තොගයක් පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබිණ.

රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කුඩාඔය බලහරුව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථ දෙකකට නතර කරන ලෙස සංඥා කර ඇතත් නොනවත්වා ඉදිරියට යෑමෙන් පසු ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් ට්‍රැක්ටර් රථ දෙක නතරකොට පරීක්ෂා කිරීමේදී ඒවායේ තිබූ ඉරන දැව තොගය සොයාගෙන තිබේ.

ට්‍රැක්ටර් රථ දෙකේ හල්මිල්ල සහ තේක්ක වර්ගවලට අයත් ඉරූ දැව කැබලි 300ක් පමණ තිබී ඇත. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වේ. ට්‍රැක්ටර් රථ දෙක එහි රියැදුරන් සහ දැව තොගය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත.

ඌව වෙල්ලස්ස විශේෂ

ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT