වසර 150කට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ප්‍රධාන සංස්කෘතිකාංගයක් වන වාර්ෂික නැවුම් තේ මංගල්‍ය හත්වන වරටත් හෙට (24) පෙ.ව. 9.00ට කොටපොල ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථානයේදී පැවැත් වේ.
ශ්‍රි ලංකා තේ මණ්ඩලයේ සහකාර තේ කොමසාරිස් ඇතුළු නිලධාරින්ගේ සංකල්පයක් මත වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජනක ධර්මකිර්තී මහතාගේ මෙහෙයවීමෙන් සියලු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි සර්ව ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබයි.
එසේම පෙ.ව. 9.00ට නැවුම් තේ මංජුසා රැගත් පෙරහර ආරම්භ කිරීම ද පෙ.ව.10.00ට බුදුන් වහන්සේ උදෙසා නැවුම් තේ පිරිනැමීම ද පෙ.ව. 11.00ට ආශිර්වාද පූජාව ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙයට ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ලොහාන් රත්වත්තේ ගේ මූලිකත්වයෙන්ද, මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ද උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතය.
නදීෂානි සඳුනි කුමාරි