Monday, April 21, 2025
Home » ධීවර අමාත්‍යාංශයේ පැවති වෙසක් වැඩසටහනෙන්..

ධීවර අමාත්‍යාංශයේ පැවති වෙසක් වැඩසටහනෙන්..

by sachintha
May 24, 2024 1:54 am 0 comment

බුද්ධ රශ්මි වෙසක් මංගල්‍යය සමරමින් ධීවර අමාත්‍යාංශයේ වෙසක් වැඩසටහන පසුගියදා (21) එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මීගොඩ සුඛීත ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී සුමධුර ධර්ම දේශනාවක් පැවැත්වූ අතර, අමාත්‍යාංශයේ සියලු දෙනා වෙනුවෙන් සව් දන්සලක් ද සංවිධාන කර තිබිණි. වෙසක් වැඩසටහන අවසානයේදී අමාත්‍යාංශයේ පවිත්‍රතා අංශයේ සියලුම සේවක සේවිකාවන්ට වියළි ආහාර පාර්සලයක් ද දෙන ලදි.

වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වූ මේ වැඩසටහන ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ අනුශාසකත්වයෙන්, ධීවර අමාත්‍යාංශ ලේකම් නයනා කුමාරි සෝමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

ධීවර අමාත්‍යාංශයේ සුබසාධක සංගමය, ධීවර දෙපාර්තමේන්තුවේ සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු සුබසාධක සංගම් විසින් මේ වැඩසටහන සංවිධාන කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT