Home » උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක වේදිකාවක් කඩා වැටී 9ක් මරුට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක වේදිකාවක් කඩා වැටී 9ක් මරුට

by sachintha
May 24, 2024 1:55 am 0 comment

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක වේදිකාවක් කඩා වැටී 9 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැවැන්ත ප්‍රසංග වේදිකාවක ස්වරූපයෙන් ඉදිකර තිබූ බව කියන එම මැතිවරණ වේදිකාව කඩා වැටී ඇත්තේ මේ දිනවල පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් බව ද වාර්තා වේ. මියගිය අය අතර කුඩා දරුවකු ද සිටින බවත්, තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එම වේදිකාවේ පවත්වා ඇත්තේ ජනාධිපති අපේක්ෂක ඇල්වරේස් මේනස්ගේ පක්ෂයේ ප්‍රචාරක රැලියක් වන අතර, අතිවිශාල ජනතාවක් එම අවස්ථාවට එක්වී සිටි බව ද වාර්තා වේ. ඔහුගේ පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයන් පිරිසක් ද වේදිකාව කඩා වැටෙන අවස්ථාවේ එහි සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT