Monday, April 21, 2025
Home » ඉරාන ජනපතිට අවසන් ගෞරවය පළ කිරීමට අතිවිශාල ජනකායක්

ඉරාන ජනපතිට අවසන් ගෞරවය පළ කිරීමට අතිවිශාල ජනකායක්

-දේහය මෂ්ෂාද් නුවරදී මිහිදන් කෙරේ

by sachintha
May 24, 2024 1:39 am 0 comment

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු ඊයේ ඔහුගේ උපන් බිම වන මෂ්ෂාද් නුවරදී ඉරාන අාධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ ප්‍රධානත්වයෙන් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රජයේ පූර්ණ ගෞරවාචාරය මැද සිදුවූ අවසන් කටයුතු සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වී ඇතැයි ද වාර්තා වේ. ඔහුගේ දේහය ගුවන් මඟින් ටෙහෙරාන් අගනුවරට කිලෝමීටර් 900ක් දුරින් පිහිටි නැඟෙනහිර ඉරානයේ දකුණු කොරොසාන් ප්‍රාන්තයේ අගනුවර වන බිරිජාන්ඩ් නගරයට රැගෙන යෑමෙන් පසු එහිදී අවසන් වරට ඔහුගේ දේහයට ගෞරව කිරීමේ අවස්ථාව මහජනතාවට ලබා දී තිබූ බව වාර්තා වේ.

එතැන් සිට මහජන ගෞරවය මැද දේහය මෂ්ෂාද් නුවරට රැගෙන ගොස් මිහිදන් කිරීමට නියමිතව තිබිණි. ඉරානයේ මිත්‍ර රටවල නියෝජිතයන් පිරිසක් ද, රුසියාවේ කථානායකවරයා ද එම අවස්ථාවට සහභාගි වීමට නියමිතව තිබූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT