Monday, April 21, 2025
Home » ලාංකික ISIS සාමාජිකයන් සමග ‘සබඳතා පැවැත්වූ අයෙක්’ මාලිගාවත්තෙන් අල්ලයි

ලාංකික ISIS සාමාජිකයන් සමග ‘සබඳතා පැවැත්වූ අයෙක්’ මාලිගාවත්තෙන් අල්ලයි

by chanaka
May 24, 2024 9:22 am 0 comment

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග මෙරටදී සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක්ව මාලිගාවත්තේදී අත්අඩංගුවට පත්ව තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් ටිකට්පත් ලබාදීම වැනි කටයුතුවලින් මෙම පිරිසට උදවු කළ පුද්ගලයා බව වාර්තා වේ. සැකකරු මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන අඛණ්ඩව ප්‍රශ්න කිරීම් සිදුකරයි.

මේ අතර අදාළ ISIS සාමාජිකයන් සිව්දෙනා පසුගිය 19වැනිදා රාත්‍රියේ මෙරටින් ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ හරහා චෙන්නායි වෙත ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායකයින් , යුදෙව්වන් සහ කිතුනුවන් මෙම ත්‍රස්තයින් පිරිසගේ ඉලක්ක වී තිබූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT