Sunday, April 20, 2025
Home » බාලදක්ෂිකා සංගමයේ 107 වන සංවත්සරය සමරමින් ගම්පහදී පා ගමනක්

බාලදක්ෂිකා සංගමයේ 107 වන සංවත්සරය සමරමින් ගම්පහදී පා ගමනක්

by sachintha
May 20, 2024 4:07 am 0 comment

‘අද සවිබල දියණිය හෙට දිරිමත් කතක්’ තේමාව කරගනිමින් ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ 107 වන සංවත්සරය සමරමින් ගම්පහ දිස්ත්‍රික් බාලදක්ෂිකා සංගමය මඟින් සංවිධානය කළ පා ගමනක් පෙරේදා (18) පෙරවරුවේ සපුගස්කන්ද යොෂීඩා පාසල අසල සිට බියගම සමෘද්ධි මාවතේ මාකොල වයි හන්දිය දක්වාත් එතැන් සිට නැවත සපුගස්කන්ද විශාබා බාලිකා විද්‍යාලය දක්වාත් පැවැත්විණි.

මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 25ක බාලදක්ෂිකා ව්‍යාපාරයට සම්බන්ධ සිසුවියන් 600 දෙනෙකු පමණ එක්වූහ. ලෝක බාලදක්ෂිකා සංගමයේ නාමයෝජනා කමිටු සාමාජික රුචිරා ජයසිංහ මහත්මිය විශේෂ ආරාධිතයකු වශයෙන් මීට සහභාගී වූ අතර ගම්පහ දිස්ත්‍රික් බාලදක්ෂිකා කොමසාරිස් පුෂ්පා නාගසේන, බියගම කොට්ඨාස කොමසාරිස් නතාශා ලියනගේ යන මහත්මියන් ඇතුළු බාලදක්ෂිකා නායිකාවන්, කොමසාරිස්තුමියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති

මල්වාන සමූහ – මහානාම විතානගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT