Home » මුවංගල රණවිරු සමරුවෙන්…

මුවංගල රණවිරු සමරුවෙන්…

by sachintha
May 20, 2024 2:35 am 0 comment

රණවිරු දිනය නිමිති කොටගෙන අම්පාර මුවංගල රණවිරු ස්මාරකය අසල මියගිය රණවිරුවන් සිහිකිරිමේ උත්සවයක් ඊයේ පවත්වනු ලැබීය.

මියගිය රණවිරුවන්ගේ මව්වරු, පියවරු, බිරින්දෑවරු සහ දරුවෝ රණවිරු ස්මාරකයට මල් තබා මියගිය රණවිරුවන් සිහිපත් කළහ.

සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකු විසින් රණවිරුවන් සිහිකිරීමට නැඟූ බියුගල් හඩින් රණවිරු මව් පියන් තව තවත් සංවේදි වූ බවක් පෙනිණි.

අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, උක්සිරිපුර විදුහලේ විදුහල්පති ශාස්ත්‍රපති ඇතිමලේ ආනන්ද සහ උහන මාලිගාතැන්න විහාරවාසි උහන සුමන හිමිවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දිගාමඩුල්ල විශේෂ වසන්ත චන්ද්‍රපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT