උල්හිටිය රත්කිඳ ජලාශයේ රඳවාගත යුතු ජල ප්‍රමාණයට වඩා ජලය ක්‍රමිකව වැඩිවීමක් 19දා පෙරවරුවේ වනවිට සිදුවන බැවින් ජලාශයේ පිටවානේ ගේට්ටු 5 ක් 0.1 බැගින් විවෘත කිරිමට පියවර ගත් බව ජලාශය භාර නිලධාරි දීප්ත ජයසේකර මහතා පවසයි.
ඒ අනුව එම ගේට්ටු පහ මගින් මේ වනවිට තත්පරයට ඝන මීටර් 18.5 ක ජල ධාරිතාවයක් ජලාශයෙන් නිදහස් කරන බව ද ඒ මහතා පැවසීය.
තවදුරටත් ජලාශයේ ජල මට්ටම වැඩිවීමක් සිදුවන්නේ නම් පෙර දැනුම්දීමකින් අනතුරුව ගේට්ටු විවෘත කිරිමට පියවර ගන්නා බවත් එහිදි ජලාශය අසල සවිකර ඇති සයිරනය අවට ජනතාව දැනුවත් කිරිම පියවර ගන්නා අතර රත්කිඳ සිට ගිරාදුරුකොට්ටේ දක්වා ඇති මාර්ගයේ රත්කිඳ කෝසුවෙන් ගමනාගමනය කටයුතු සිදු කිරිමට ප්‍රථම විමසීමක් සිදුකරන මෙන් ජනතාව ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
සොරණාතොට සමුහ – සී. ගමගේ