බුදු රජාණන් වහන්සේ අපට දායාද කළ උතුම් බොදු මඟ බෞද්ධ මහා සමේලනය විසින් අප රටේ ජනතාවට පමණක් නොව ලොවටම දායාද කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වෙසක් කලාපය හා නිල ලාංඡනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (19) එළි දැක්වූ අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය:
“මෙවර වෙසක් පුණ්‍යෝත්සවය තවත් ශක්තිමත් කිරීමට මෙලෙස සංවිධානය කරන වැඩසටහන් බෙහෙවින් දායක වනවා. මේ රටේ ජ්‍යෙෂ්ඨතම හා ශක්තිමත්ම බෞද්ධ නායකයන් විසින් පෝෂණය කරන ලද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පරමාර්ථ, වැඩසටහන් සාර්ථක කිරීමට හා අප සමාජය තුළ එය තැන්පත් කිරීමට සියලු දෙනා එකමුතු කරගනිමින් දෙන නායකත්වය සුවිශේෂයි.
“අප තවමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් ගත කරනවා. බෞද්ධ මහා සම්මේලනය අඛණ්ඩව අපේ දේශීයත්වයට, ගම්බද බෞද්ධයන්ගේ දියුණුවට, ආර්ථිකයේ, ජාතියේ ශක්තිය ගොඩනැඟීමට දෙන ආදර්ශයන් මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ ගෞරවයෙන් සිහිපත් කරනවා.
ලොව විවිධ අවස්ථාවල ජාත්‍යන්තර සාකච්ඡා වාරවල බෞද්ධ මහා සම්මේලනය තැන්පත් කළ අදහස් සාකච්ඡාවට භාජනය වී වර්ධනය වී තිබෙන බව ගෞරවයෙන් සඳහන් කරනවා. මේ කාල පරිච්ඡේදයේ ආබාධිතයන් සඳහා වූ සමුළුව රැස් වනවා. එවන් මොහොතක ආබාධිතයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්, කෘත්‍රිම පාද ආදිය පරිත්‍යාග කරන වැඩසටහන ඇති කිරීම සුවිශේෂයි.
“ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ එවැනි දායකත්වයක් දක්වන අවස්ථාව අඩු වීම නිසා මේ හොඳ කාල පරිච්ඡේදයේ ඉතා ආදර්ශවත්ව මේ පින් දහම් ඉටු කරන අතර, සමාජයේ තිබෙන එවැනි ගැටලු සහගත තත්ත්වයන් සඳහා මැදිහත්වීම අගය කරනවා. හැදෙන වැඩෙන පරම්පරාවට සහ අපේ සමාජයට දෙයාකාරයකින් මේ පුණ්‍යෝත්සවයට සහභාගි වෙන්න පුළුවන්. එසේ අධිෂ්ඨාන සහගතව මඟපෙන්වන්නට දායක වීම නිසා අලුත් උද්යෝගයක් රාජ්‍ය හා පෞද්ගලික ඇතුළු සෑම අංශයකින්ම දායාද වී තිබෙනවා.”
මෙහිදී අදහස් දැක්වූ බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා:
“මෙවර අග්‍රාමාත්‍යතුමා මැදිහත් වීමෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු රට පුරා වෙසක් උත්සවය සැමරීමේ කටයුතු සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධීකරණය කොට විධිමත් ලෙස සහ අලංකෘතව සිදු කිරීමට කටයුතු කිරීම ගැන අප සතුටට පත් වනවා. අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීම නිසා අපටද වෙනදාට වඩා සුවිශේෂ ලෙස වෙසක් සිරිය ජනතාවට දායාද කිරීමට අවස්ථාව උදා වුණා. අප සම්මේලනය මගින් 23 වැනි වරටත් සිදු ඉකරන බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවර සුවිශේෂ වෙසක් කලාපයක් වෙනවා. ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා රැසක් සමඟ ජනතාවට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සහ ඇසට සිතට රසඳුනක් වන ලෙස වෙසක් උත්සවය සැමරීමට අපට හැකි වෙනවා. අපගේ වෙසක් උත්සවය රටේ නායකත්වයක් ඉදිරියේ පළමු වරට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ලැබීම බෞද්ධ මහා සම්මේලන ඉතිහාසයේ ලද භාග්‍යයක් ලෙස සලකනවා. ‘සුරකිමු අපේකම’ තේමාව යටතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ක්‍රියාත්මක කරන බෞද්ධාලෝක වෙසක් කලාපය සඳහා අග්‍රාමාත්‍යවරයා දක්වන සහයෝගය අප අගය කරනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය බෞද්ධාලෝක වෙසක් කලාපයට සම්පූර්ණ සහයෝගය දෙනවා.”
බෞද්ධ මහා සම්මේලනයේ සාමාජිකයෝ සහ මේ සඳහා දායකත්වය දැක්වූ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
නුවන් කොඩිකාර