හෙරෝයින් ග්‍රැම් 2 ක්, මත්පෙති 100 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (20) දින මහියංගණය නගරයේ දි අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
අත් අඩංගුවට පත් සැකකරු 26 හැවිරිදි වියේ පසුවන හසලක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය සඳහන් කරයි.
මහියංගණය නගරයේ පැවැත්වෙන අමතර පංති සදහා සහභාගි වන සිසුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමක් කලක සිට සිදුවන බවට මහියංගණය පොලිස් දූෂණ මර්දන අංශයට තොරතුරක් ලැබි තිබු බවද පොලිසිය පවසයි.
ඒ අනුව සිදුකල විමර්ශන වලින් අනතුරුව සැකකරු මහියංගණය නගරයේ උපකාරක පංති පැවත්වෙන ස්ථානයක් අසල රැදි සිටියදි අත්අඩංගුවට ගැනිමට හැකිවු බවත් එම අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබු මත්පෙති ,හෙරෝයින් සමග රුපියල් දහතුන් දහසක් ද හමුවු බවත් පොලිසිය පැවසීය.