බලපත්‍ර නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සන්තකයේ තබාගෙන යම් අපරාධයක් සදහා සැරසෙමින් සිටි පුද්ගලයකු වීරවිලදී අත්අඩංගුවට ගැනීමට කතරගම කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සමත් වී තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වැවිටවිතාන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය කතරගම කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ආර්.ටී.ඒ. අමරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පසුගිය (17) වැනි දින වීරවිල පොලිස් වසමේ අංක 679/ඒ, කෝන්වැලෑන, ගෝනගමුව, තිස්මහාරාමය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත බවයි විශේෂ කාර්යාය බලකා නිලධාරීන් කියා සිටියේය
එහි දී බලපත්‍ර නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරවිල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.