ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයේ තිබී “ජීවිත ගලවා ගත් අය” සොයා නොගත් අතර ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සිය වන IRINN වාර්තා කරයි.
ඉරාන නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටරය අනතුරෙන් “සම්පූර්ණයෙන්ම පිළිස්සී” ඇති බවයි.
රයිසි ඉරානයේ අටවැනි ජනාධිපතිවරයා විය.
ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය අසර්බයිජාන් වයඹදිග ප්‍රදේශයේදී අනතුරට ලක් වූයේ අසර්බයිජාන් දේශසීමාවේදී එරට ජනාධිපති ඉල්හාම් අලියෙව් සමඟ එක්ව වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදීය.
ඉරාන විදේශ ඇමැති හොසේන් අමීරබ්ඩොල්ලාහියන්, නැඟෙනහිර අසර්බයිජාන් ආණ්ඩුකාර මලික් රහ්මටි සහ වයඹදිග අසර්බයිජාන්හි ටබ්රිස් නුවර සිකුරාදා දේවමෙහෙය සිදු කළ ප්‍රධාන පූජක හොජ්ජටුල්ඉස්ලාම් අල් හෂීම් ඇතුළු 09දෙනෙකු අනතුර සිදුවන මොහොතේදී ජනාධිපතිවරයා සමඟ හෙලිකොප්ටර් යානයේ සිටි බව ද එරට රජයේ මාධ්‍ය තහවුරු කර තිබේ.
හෙලිකොප්ටර් යානය පිටත් වී පැය භාගයක් ඇතුළත අනතුර සිදුව තිබුණි.