Home » පළමු වාරයේ 03 වන අදියරට පාසල් අද ඇරඹෙයි

පළමු වාරයේ 03 වන අදියරට පාසල් අද ඇරඹෙයි

by yasara
May 20, 2024 8:00 am 0 comment

School term

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ කෙරිණි.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මකය.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.

ඒ අනුව පුත්තලම කලාපයේ පාසල් 213ක් සහ හලාවත කලාපයේ පාසල් 158ක් අද දිනයේ පමණක් වසා තැබෙන බව වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT